ඔබේ විෂයයන්ට අවශ්‍ය දෛනික පැවරුම් ලබා ගැනීමට ඔබ අයත් වන අංශයේ පිටුවට පිවිසෙන්න.
ඒත් ඉතිං උසස්පෙළ විභාගය සඳහා සූදානම් වෙන්න ඕනනේ අපි.
ඒ නිසා අපි ඔයාලව නොකඩවා අධ්‍යාපන කටයුතු වල නිරත කරවන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න හිතුවා..
ඔයාලට දැන් ප්‍රශ්න ගොඩක් අැති.. මෙන්න ඒවට උත්තර
1. කා වෙනුවෙන්ද ක්‍රියාත්මක වෙන්නේ?
▶️12 ශ්‍රේණියේ සියලුම සිසුන්ට
2. කෙහොමද ක්‍රියාත්මක කරන්නේ,
▶️nagodaroyal.blogspot.com බ්ලොග් අඩවිය ඔස්සේ
3. කවදාද පටන් ගන්නේ ?
▶️2021.05.10 ඒ කියන්නේ හෙට ඉඳලා...
4. මොකද්ද කරන්න ඕන
- සඳුදා ඉඳලා සිකුරාදා වෙනකන් සෑම දිනයකම පැය 03 ක් මේ වෙනුවෙන් වෙන් කරන්න ඕන.
- ඔයාලගේ ප්‍රධාන විෂයන් 03 ටම අයත් දිනයට අදාල වැඩ කොටසක් අපි වෙබ් අඩවියට එක් කරනවා.
- එක් විෂයකට පැයක් වගේ කාලයක් තමයි වෙන් කරන්න ඕන.
- වෙබ් අඩවියේ 12 ශ්‍රේණියට අදාල පිටුවට යන්න. ඒ පිටුවේ තමන්ගේ විෂයට ගිහින් අදාල දිනයට නියමිත ගොනුව ලබා ගන්න.
- දිනයට අදාලව තමන්ගේ විෂය පැවරුම වෙබ් අඩවියෙන් දෛනිකව ලබා ගෙන ඔයාලගේ විෂය සටහන් පොතේ දිනය යොදා ලිවිය යුතුයි.
- සටහන් වලට අමතරව සමහර දින වලට කලින් කරපු පාඩමක පුණරීක්ෂණ අභ්‍යාස ලැබෙන්නත් පුළුවන්.
5. ඔය කිව්වට වැඩ කරලද කියලා බලන්නේ කොහොමද ?
- ආයෙත් පාසල් පටන් ගන්න පළමු දිනයෙදි ඔයාලා පාසලට එන්නේ අම්ම හරි තාත්තා හරි නැත්නම් භාරකාරයෙක් එකක්. ඒ එද්දි මේ වැඩ කරපු විෂයන් තුනේම පොත් අනිවාර්යයෙන් අරන් එන්න ඕන. විෂය උගන්වන ගුරුභවතුන් 3 න් දෙනා ඒවා බලලා අඩුපාඩු දෙමව්පියන්ට දැනුවත් කරාවි. එන පලවෙනි ම දවසෙ ගෙදරින් කවුරුහරි එක්ක එන එක අනිවාර්යයි.
- අනිත් දේ තමයි මේ වැඩසටහන යන අතරේ පන්තිභාර ගුරුභවතුන් අහඹු ලෙස ඔයාලගේ දෙමව්පියන්ට කතා කරලා වැඩසටහන ගැන දැනුවත් කරාවි.
- පාසල් පටන් ගන්න ගොඩක් කල් ගියොත් අංශ වශයෙන් දෙමව්පිය රැස්වීම් මාර්ගගතව තියන්නත් අපි සූදානම්.
5. මොනවද මේ වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන්නේ?
▶️මානසික පීඩාවක් ඇති නොවී අධ්‍යාපනය ලැබීම
▶️විෂය නිර්දේශය ආවරණය කිරීම.
▶️ උසස්පෙළ විභාගයට ඔබව සූදානම් කරවීම.
හරි. සියලු දෙනාම උනන්දුවෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු කරන ගමන් නිවෙස් වලට වෙලා පරිස්සමින් ඉන්න.
ස්තුතියි
කලානි ගුණසේන.

This comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete