2023 උසස් පෙළ කරනවාද?  
රාජකීය උසස් පෙළ අංශයට ඇතුළත් වෙන්න කැමතිද?


දුවේ, පුතේ පහත පියවර අනුගමනය කරන්න. 👇

පියවර අංක: 01

දී ඇති සබැඳිය මත ක්ලික් කර දැන්වීම හොදින් කියවා තේරුම් ගන්න.

පියවර අංක: 02

අප පාසලේ උසස් පෙළට හැදෑරිය හැකි විෂයන් පිළිබද සියලු විස්තර සටහන්  පහත ලිපිය හොදින් කියවා ඒ අනුව, විෂය ධාරව හා විෂයයන් තෝරා ගන්න.

පියවර අංක: 03

මෙහි ඇතුළත් කර ඇති අයදුම්පත හෝ ඕනෑම කොමියුනිකේෂන් එකකින් ලබා ගත් පොදු අයදුම්පත හෝ ඔබගේ නිවැරදි තොරතුරු අනුව පුරවා දැන්වීමෙහි සඳහන්ව තිබූ ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ලැබීමට සලස්වන්න.

👉අයදුම්පත් බාරගන්නා අවසාන දිනය : 2021.10.11

👉සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය ලිපියක් මඟින් හෝ දුරකතනයෙන් දැනුම් දෙනු  ලැබේ.

වෙසක් පොහොය වෙනුවෙන් ඉදිරිපත් වූ නිර්මාණ එලිදැක්ම.

 දයාබර දුවෙි පුතේ,

"වෙසක් පොහොය (ශ්‍රී.බු.ව.2565)අර්ථවත්ව ගත කරමු" යැයි මා ඔබට කල ආරාධනාවට අනුව,   වෙසක් පුන් පොහෝ දින ඔබ කල කී දෑ  ජයාරූප හා විඩීයෝ මගින් මා වෙත එවා තිබිණි.පළමුව ඒ සැමට ස්තූති වන්ත වෙමි.ඒ අනුව මා විසින් ලබාදුන් උපදෙස් වලට යම් තරමින් හෝ සමීප වී තිබූ ඔබගේ ක්‍රියාකාරකම්, අධීක්ෂණයෙන් පසු ඒ ඒ ශ්‍රේණිවලින් සිසුන් කිහිප දෙනා බැගින්  තෝරා ගත්තෙමි.එම ශිෂ්‍ය  ශිෂ්‍යාවන්ගේ ක්‍රියාකාරකම් ඇතුලත් නිර්මාණ පාසල් බ්ලොග් අඩවියේ පහත පලකරමි.එසේ්ම නිර්මාණ එවූ සැමට පොදු ත්‍යාගයක් ඉදිරියේදී ලබාදීමට ද  කටයුතු කරන්නෙමි. තෙරුවන් සරණයි!  

ගම්මැද්දේගොඩ පදුමජෝති හිමි.

නියෝජ්‍ය විදුහල්පති 

තෝරා ගත් නිර්මාණ නරඹන්න ක්ලික් කරන්න.


සැහැල්ලුවෙන් ඉගෙන ගනිමු ......



රාජකීය දූ පුතුනි,

  • දුවේ , පුුතේ ඔයාලා සති 05 ක් තිස්සේ අපි ලබා දුන් පැවරුම්  වල කටයුතු හොඳින් සිදු කලා නේද?

  • ඒ නිසා අපි  හිතුවා ඔයාලයට විවේකී සතියක් ලබා  දෙන්න.  කැමතියි  නේද හැමෝම ?   

  • ඒ නිසා අපි මේ සතියේ  පැවරුම් බ්ලොග් අඩවියට එක් කරන්නේ නැහැ.  

  • හැබැයි පොඩි වැඩක් කරන්න ඕන දුවේ පුතේ , 

  • අපි ඔයාලට දුන්නු පැවරුම් වල පිළිතුරු පත්‍ර සහ ඒ පාඩමට අදාළ වීඩියෝ අපි එක් කරන්න  සූදානම් මේ බ්ලොග් අඩවියට. 

  • ඔයාලා ඒවා හොඳින් අධ්‍යයනය කරලා තමන් කරපු වැඩ වල හරි වැරදි බලලා නිවැරදි විෂය කරුණූ ග්‍රහණය කර ගන්න ඕන. දෙමව්පිය වැඩිහිටියනුත් මේ දිනවල ගෙදර ඉන්න  නිසා ඔවුන්ගේ සහයෝගයත් ගන්න බලන්න.

  • අධ්‍යාපන කටයුතු කරන ගමන්  පරිසරය ගැන , අලුත් සොයා ගැනීම් ගැන වගේ දේවලුත් හොයන්න උනන්දු වෙන්න.

  • කොරෝනා රෝගී තත්වය තවමත් පැතිර යන නිසා ගෙවල් වලටම වෙලා පරිස්සමින් ඉන්න දුවේ පුතේ.. 







මෙත් සිතින් සමරමු වෙසක් ....


දයාබර දුවේ පුතේ,

උදාවන ශ්‍රී බුද්ධ වර්ෂ 2565 වර්ෂයෙහි ආරම්භක දිනය වන මෙම මැයි මස 26 වන දිනට යෙදෙන වෙසක් පුන් පොහොය දිනය,  ඔබ නිවසේ සිට පවුලේ සියලු දෙනා සමඟ වඩාත් අර්ථවත්ව ගත කරන්න. ඒ අනුව ඔබ එදින අර්ථවත් කරගැනීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග සොයා බලා ඇගයීමට ලක් කිරීමට අපි සූදානම්.
 
ඒ සඳහා ඔබ කළ යුත්තේ,
  • පොහොය දිනය තුළ අළුයම් කාලයේ  සිට පස්වරු 8.00 දක්වා කුසල් පිං වැඩෙන, පවුලේ සියලු දෙනා අතර සතුට සමගිය ගෞරවය ඇතිවන, ඔබේ නිර්මාණ ශක්තිය වැඩෙන සියලු  කාර්‍යයන් වීඩියෝ සහ ඡායාරූප ලෙසින් අප වෙත ලබා දීමයි.

  • වීඩියෝ දර්ශනය විනාඩි තුනකටත් ඡායාරූප පහකටත් සීමා විය යුතුය.ඒවා පැහැදිලි විය යුතු අතර ඔබ සහ පවුලේ අයගේ සහභාගිත්වය සනාථ විය යුතුය. වීඩියෝව අවසානයේ සියලු ඡායාරූප මත ඔබගේ මුල් අකුරු සමග නම සහ පන්තිය සඳහන් විය යුතුය.

  • පොහොය දින රාත්‍රී 9 දක්වා ඔබේ සහභාගිත්වය අපි භාර ගන්නෙමු 
පොහොය දිනය ඉතාම අර්ථවත්ව ගත කළ ආකාරය අප වෙත එවූ හොඳම සිසු සිසුවියන් දස දෙනාගේ වීඩියෝ දර්ශන සහ ජායාරූප අප පාසලේ වෙබ් අඩවිය තුළ පළ කරන අතර තවත් ඇගැයීමක් සිදු කරන්නෙමු.

ඔබේ සහභාගිත්වය ලබා දිය යුත්තේ "බොදු සවිය තරුණ පදනම" විසින් නිර්මාණය කර ඇති whatsapp සමූහයටයි.(077-3601570 දුරකතන අංකයට යොමු කරන්න) 

                                                මේ ආරාධනය,

නියෝජ්‍ය විදුහල්පති 
පූජ්‍ය ගම්මැද්දේගොඩ පදුමජෝති හිමි
ගා/ නාගොඩ රාජකීය ජාතික පාසල
සංවිධාන සහයෝගය
බොදු සවිය තරුණ පදනම-ගම්මැද්දේගොඩ 

කොරෝනා නිවාඩු කාලය තුළ පාසලේ අධ්‍යාපන කටයුතු සිදුවන්නේ කෙසේද?