කොරෝනා නිවාඩු කාලය තුළ පාසලේ අධ්‍යාපන කටයුතු සිදුවන්නේ කෙසේද?
ආදරණීය දුවේ පුතේ , ඔයාලට පාසල් නිවාඩු කාලයේ නිවසේ සිටම පහසුවෙන් ඉගෙන්න අපි පොඩි වෙනස් ක්‍රමයක් භාවිතා කරන්න හිතුවා. ගිය සැරේ කොරෝනා නිවාඩුවට වගේම අපි මේ සැරෙත් ඔයාලට කාර්යය පත්‍රිකා ලබා දෙනවා. හැබැයි ඒ Whatsapp එකට නෙමෙයි. එහෙනම් කොහොමද? පහලින් ලියලා තියෙන පියවර ටික කලාම ඔයාලට පහසුවෙන් ඒ කාර්යය පත්‍රිකා ලබා ගන්න පුළුවන්.. 1.ඔයාලගේ ජංගම දුරකතනයෙන් හරි පරිගණකයෙන් www.nagodaroyal.blospot.com කියන වෙබ් අඩවියට පිවිසෙන්න. 2. එහි ඔබට අදාල ශ්‍රේණියේ පිටුවට යන්න. එහි ඔබගේ විෂයන් වල නම උඩින් ක්ලික් කලාම ඒ අදාල කාර්යය පත්‍රිකාව විවෘත වේවි. 3. ඉන්පසු ඔබට පැවරුම පිටපත් කර ගන්න පුළුවන්. 4. දුවේ, පුතේ ඔයාලා මේ කාර්යය පත්‍රිකා දැනට ඔයාලගේ විෂයන් වලට අදාල පොතේම එය සිදු කරන දිනය යොදා ලිවිය යුතුය. ඒ කාර්යය පත්‍රිකාවට අදාළ පෙළපොතේ පාඩමද හොඳින් අධ්‍යයනය කර තනිව පැවරුම නිම කරන්න. 5. ඔයාලට හැම සතියකටම එක් විෂයකට එක බැගින් පැවරුම් ලැබෙනවා. මේ සතියේ බදාදා ලැබුණට , ඊලග සතියේ ඉඳලා සෑම සඳුදා දිනයකම පැවරුම් කාර්යය පත්‍රිකා ලෙස එකතු කරනවා.. 6. ඒ සතියේ පැවරුම් එම සතියේම නිම කරලා අවසන් කරන්න. 7. සමහර විෂයන් වල නම මත ක්ලික් කල විට පැවරුම විවෘත වෙන්නේ නැත්නම් , ඒ කියන්නේ තවම ඒ විෂයට අදාළ පැවරුම අපි වෙබ් අඩවියට එක් කරලා නැහැ කියන එක.. ඒ නිසා කලබල වෙලා යාළුවන්ට, ගුරුභවතුන්ට කරදර කරන්න එපා. ඒ වන විට ඇතුළත් කරලා තියෙන පැවරුම් අරන් කරන්න. 8.whatsapp නැති ඔයාලගේ අනිත් යාළුවන්ටත් කියන්න. 9.) 11 ශ්‍රේණියේ දුලා පුතාලට සමහර විෂයන්ට තමන්ගේ ලකුණු මට්ටම අනුව තෝරා ගෙන කළ හැකි පරිදි කාර්යය පත්‍රිකා එක් කරල ඇති. එවැනි විෂයන් වලදී , ඔයාලා අවසන් වාර විභාගයේදී ලබා ගත්ත ලකුණු වලට අනුව කළ යුතු කාර්යය පත්‍රිකාව තෝරා ගන්න. එසේ සඳහනක් නොමැති විෂයන් වල හැමෝටම පොදු කාර්යය පත්‍රිකාව අරගන්න. හැමෝම එහෙනම් පරිස්සමින් ගෙදර ඉන්න ගමන් පාසල් වැඩ කටයුතු උන්නදුවෙන් කරන්න.. විදුහල්පති
|

No comments:
Post a Comment