
උදාවන ශ්‍රී බුද්ධ වර්ෂ 2565 වර්ෂයෙහි ආරම්භක දිනය වන මෙම මැයි මස 26 වන දිනට යෙදෙන වෙසක් පුන් පොහොය දිනය, ඔබ නිවසේ සිට පවුලේ සියලු දෙනා සමඟ වඩාත් අර්ථවත්ව ගත කරන්න. ඒ අනුව ඔබ එදින අර්ථවත් කරගැනීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග සොයා බලා ඇගයීමට ලක් කිරීමට අපි සූදානම්.
ඒ සඳහා ඔබ කළ යුත්තේ,
- පොහොය දිනය තුළ අළුයම් කාලයේ සිට පස්වරු 8.00 දක්වා කුසල් පිං වැඩෙන, පවුලේ සියලු දෙනා අතර සතුට සමගිය ගෞරවය ඇතිවන, ඔබේ නිර්මාණ ශක්තිය වැඩෙන සියලු කාර්‍යයන් වීඩියෝ සහ ඡායාරූප ලෙසින් අප වෙත ලබා දීමයි.
- වීඩියෝ දර්ශනය විනාඩි තුනකටත් ඡායාරූප පහකටත් සීමා විය යුතුය.ඒවා පැහැදිලි විය යුතු අතර ඔබ සහ පවුලේ අයගේ සහභාගිත්වය සනාථ විය යුතුය. වීඩියෝව අවසානයේ සියලු ඡායාරූප මත ඔබගේ මුල් අකුරු සමග නම සහ පන්තිය සඳහන් විය යුතුය.
- පොහොය දින රාත්‍රී 9 දක්වා ඔබේ සහභාගිත්වය අපි භාර ගන්නෙමු
පොහොය දිනය ඉතාම අර්ථවත්ව ගත කළ ආකාරය අප වෙත එවූ හොඳම සිසු සිසුවියන් දස දෙනාගේ වීඩියෝ දර්ශන සහ ජායාරූප අප පාසලේ වෙබ් අඩවිය තුළ පළ කරන අතර තවත් ඇගැයීමක් සිදු කරන්නෙමු.
ඔබේ සහභාගිත්වය ලබා දිය යුත්තේ "බොදු සවිය තරුණ පදනම" විසින් නිර්මාණය කර ඇති whatsapp සමූහයටයි.(077-3601570 දුරකතන අංකයට යොමු කරන්න)
මේ ආරාධනය,
නියෝජ්‍ය විදුහල්පති
පූජ්‍ය ගම්මැද්දේගොඩ පදුමජෝති හිමි
ගා/ නාගොඩ රාජකීය ජාතික පාසල
සංවිධාන සහයෝගය
බොදු සවිය තරුණ පදනම-ගම්මැද්දේගොඩ
Nagoda
ReplyDeleteAnudima shavindi
ReplyDelete